රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට


 

(අශෝක තිලකරත්න)

රන්න බස් නැවතුම් පොළේදී අද (30) සවස බස්රථයක හැපීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි හුංගම  පොලිසිය පවසයි.

රන්න රෝහලට පැමිණ බෙහෙත් ගෙන නැවත  නිවසට යාම සඳහා බස් නැවතුම් පොළට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට  ලක්ව මියගොස් ඇත්තේ තංගල්ල සුසාන භූමියේ පදිංචි 74 හැවිරිදි අයෙකි.

මෙම අනතුරට අදාල පෞද්ගලික මගී බස් රථයේ රියදුරු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හුංගම පොලිසිය  මෙම අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.