(කුෂාන් ජයවර්ධන)
කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සංකුරා හන්දියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇත.
මහනුවර සිට අනුරාධපුර බලා ධාරවනය වූ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
සිදුව ඇති අනතුරින් බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු කැකිරාව දිසා රෝහලවෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව කටයුතු කර තිබිණි.
බරපතළ තත්ත්වයේ සිටි යතුරුපැදි කරු රෝහල්ගතකරන අවස්ථාවේ මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ඔලොම්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස් රථයේ රියදුරා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

