රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට


( කේ බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.ඒ නන්දන )
 

හංවැල්ල කළුඅග්ගල - ලබුගම මාර්ගයේ නිරිපොල ප‍්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ ති‍්‍ර රෝද රථයක් එක්වරම මාර්ගය හරහා පෙරලී ගොස් ඉදිරිපසින් පැමිණි යතුරුපැදියක ද ගැටීමෙන් අද (13) දින උදෑසන සිදු වූ අනතුරින් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
 
අනතුර සිදු වූ තී‍්‍ර රෝද රථය කළුඅග්ගල ප‍්‍රදේශයේ සිට ලබුගම දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එම අවස්ථාවේදී එක්වරම මාර්ගය හරහා පෙරළුනු ති‍්‍ර රෝදය ඉදිරිපසින් පැමිනි යතුරුපැදියක ද ගැටී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී නතර වී ඇතැයිද පසුව ප‍්‍රදේශවාසින් එක්ව බරපතල තුවාල ලබා සිටි ති‍්‍ර රෝද රතයෙහි රියදුරු කොස්ගම සාලාව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි ද කළ  මූලික විමර්ශණයේදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
 
 මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියෙහි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ ති‍්‍ර රෝද රතයෙහි පිටුපස ගමන් ගත් එක් අයෙකු සුළු තුවාල සහිත අවිස්සාවේල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද කොස්ගම පොලිසිය පවසයි
 
මෙලෙස  මිය ගොස් ඇත්තේ අනතුරට ලක් වූ ති‍්‍ර රෝද රථයෙහි රියදුරු ලෙස කටයුතු කල හංවැල්ල වග බැන්ඩි‍්‍රගම්පළ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කළුසායක්කගේ නිමල් ශාන්ත නමැති 49 හැවිරිදි විවාහකයෙකි
 
අනතුර සම්බන්දයෙන් කොස්ගම පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි