(ඩබ්. ඒ. පියතිලක)
මින්නේරිය නගරය ආසන්නයේදී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් වූ අනතුරකින් ජපන් ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා අද(31) රෝහල් ගත කළ බව මින්නේරිය පොලිසිය කියයි.
පොළොන්නරුවේ සිට ධාවනය වූ වෑන් රථය මින්නේරියේ සිට පැමිණි ලොරි රථයෙහි ගැටී අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූ ජපන් ජාතිකයන් දෙදෙනා හිඟුරක්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ලොරි රථ රියදුරු සහ සහයකවරයාගේ තත්වය බරපතල බැවින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

