(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක් අද(09)උදැසන උණවටුන හන්දියේදි බස් රථයක ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් ඇඟලුම් කම්හල් සේවිකාවන් 12දෙනෙකු සහ රියදුරා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හබරාදුව පොලිසිය පවසයි.
කොළඹ සිට මාතර බලා ධාවනයවු පුද්ගලික බස් රථයක් මගින් නංවා ගැනීම සඳහා උණවටුන හන්දියේ නතර කළ අවස්ථාවේ ඒ සමගම පිටුපසින් පැමිණි වෑන් රථය බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ රියදුරුගේ තත්වය බරපතල බවය. හබරාදුව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.