රිය අනතුරකින් කතක් මරුට - අයෙක් රෝහලේ


(නිමල් ජයරත්න)
 
වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ සෙවණපිටිය, මැණික්වෙල පදිංචිව සිටි ඩබ්ලිව්. පී. ප්‍රේමාවතී නම් 48 හැවිරිදි තැනැත්තියකි.

අනතුරට සම්බන්ධ වෑන් රථය හා රියැදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියකින් ගමන්ගත් තවත් පුද්ගලයෙකු එම වෑන් රථයේම ගැටීමෙන් තුවාල ලබා ඇතැයිද ඔහු වැලිකන්ද ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

වැලිකන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.