රිය අනතුරක් අයෙක් මරුට


(කුෂාන් ජයවර්ධන)
 
ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීමෙන් අද (29) වූ  අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ බෝගහඅක්කරය කලාකරඹෑව ඉපලෝගම පදිංචිව සිටි මහන්තමුල්ලගමගේ සෝමපාල නමැති 70 හැවිරිදි පුද්ගලයෙකි.
 
යතුරු පැදියේ ගමන්ගත් එම පුද්ගලයා අනතුරින් පසු කැකිරාව දිසා රෝහල වෙත ඇතුළත් කළද, ඔහු මිය ගොස් සිටි බව පොලිසිය කියයි. මිය ගිය අයගේ සිරුර මේ වනවිට කැකිරාව දිසා රෝහලේ තැන්පත් කර තිබේ.
 
අනතුරට සම්බන්ධ බස් රථය හා එහි රියදුරු ඉපලෝගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බස් රථ රියදුරු හෙට (30) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.