රාහුලේ කොල්ලෙක් ජගත් සමුළුවකට


අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ලබන ඔක්තෝබරයේ දී පැවැත්වීමට නියමිත ‘වන් යං වර්ල්ඩ් සමිට්‘ යොවුන් නායක  වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍ය රඛිත හේමවර්ධන (22) තෝරා ගනු ලැබීය.

ඔක්තෝබර 15 වැනි දා සිට 19 වැනි දා දක්වා මේ වැඩමුළුවට පැවැත්වීමට නියමිතය.

ලෝකයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා ලොව පුරා වෙසෙන දීප්තිමත් තරුණ තරුණියන්ට එක්ව තීරණ ගැනීමට අවස්ථාව සලසා දීම මේ සමුළුවේ අරමුණයි.

ස්වේච්ඡා සේවයට දක්වන කැමැත්ත, අලුත්වන ලෝකය පිළිබඳ දක්වන උනන්දුව, නායකත්ව ලක්ෂණ ආදී  මත රඛිත  මෙම සමුළුවට තෝරාගෙන ඇත.

ලෝකයේ ළමයින් වෙනුවෙන් කටයුතු කරන ස්වේච්ඡා සංවිධානයක් වන ‘සාමය සදහා දරුවෝ‘ නම් සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ලෙසද රඛිත කටයුතු කරයි.

ඔහු මාතර රාහුල විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය නායකයෙකි.