සමන් පාලිත නානායක්කාර
ඇඳිරිනීතිය පැවතිය දී රාවණාඇල්ල අභයභූමියට අවසරයෙන් ඇතුලත් ව දැවැන්ත ගෝනෙකු මරා මස් කළ බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රාවණා ඇල්ල වනසත්ව අඩවි ආරක්ෂක ඩී. එම්. වයි.අයි. බණ්ඩාර මහතා අද (6) පැවසීය.
රාවණාඇල්ල අභයභූමියට ඇතුළු වී ගෝනෙකු මරා මස් කර කිලෝ 34ක් රැගෙන යමින් සිටි දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගත් බව ද ඒ මහතා කීය.
මස් තොගය වනජීවී නිලධාරීන්ට හසු වන විට ප්‍රධාන සැකකරු ගිනි අවිය ද රැගෙන පලාගිය බවත් ඔහු හඳුනාගෙන ඇති බවත් බණ්ඩාර මහතා පැවසීය.
රාවණාඇල්ල වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක බි.එම්.අයි. බණ්ඩාර, වනසත්ව නියාමකවරුන් වන පී .එච්. සම්පත් ඩී. ජේ.එස්. නිශාන්ත ඔ. රංජිත්, ඒ.එම්.ඒ. සමීර යන මහත්වරු මෙම වැටලීම කළහ .
රාවණාඇල්ල අභයභූමියේ ගෝනෙකු මැරූ දෙදෙනෙකු දැලේ
Recommended Articles