රාවණා ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරෙයි


( ප්‍රින්ස් රත්නායක)
උඳුවප් මහේ සීතලත් සමගින් සංචාරක පුරවරයක් ලෙස සුප්‍රසිද්ධ ඇල්ල නගරයට හා රාවණා ඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් රැසක් පැමිණෙමින් සිටිති.

විදේශීය ආකර්ශනය සහිත ඇල්ල නගරයේ මේ දිනයන්හි ගැවසෙන විදේශිකයන් ප්‍රමාණය සැළකියයුතු ලෙස වැඩිවීම කැපී පෙනෙයි.

දෙසැම්බර් පාසල් නිවාඩුව හා නත්තල් නිවාඩුව මෙන්ම වසර අවසාන දින කීපයේ  බොහෝ දේශීය පිරිස්ද මේ දිනවල බදුල්ල බණ්ඩාරවෙල ඇල්ල බෙලිහුල්ඔය  සිසිල විඳගැනීමට පැමිණෙති.

සති කීපයක් පුරා ඇදවැටුණු වර්ෂාවත් සමග දියඇළි ගංගා වැව් දියෙන් පිරී පැවතීමත් නිසා එම දියඇලි ගංගා වැව් පිරී පැවතීමත් නිසා ඒවාහි සුන්දරත්වය වැඩිවැඩියෙන් ජනතාව ආකර්ශනයෙන් ඇද බැඳ තබන්නට සමත්ව ඇත.