රන් මාලයක් කොල්ලකා පලාගිය හිටපු හමුදා සෙබලකු අත්අඩංගුවට


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ඇඟළුම් සේවිකාවකගේ රුපියල් 95000ක් වටිනා ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය හියාරේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු කොල්ලකා පලා ගොස් ඇති අතර කොල්ලය සිදුවී පැය කීහිපයකට පසු කොල්ල කෑම සිදු කළ හිටපු හමුදා සෙබලකු සැකපිට අහංගම නාකන්දේදී අද (23) අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය කියයි.

කොල්ලකෑ රන් මාලය සහ පෙන්ඩනය අහංගම පෞද්ගලික උගස් මධ්‍යස්ථානයකට උගස් කර තිබියදී පොලීසිය භාරයට ගෙන ඇති අතර කොල්ලය සඳහා යොදාගත් යතුරු පැදියද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවැසීය.

සැකකරු සමඟ අත් අඩංගුවට ගත් කොල්ලකන ලද රන් මාලය , පෙන්ඩනය සහ කොල්ලය සඳහා යොදාගත් යතුරු පැදියද ‍හෙට (24) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.