(විමුක්ති එස් රැද්‍රිගු)
රාගම වල්පොළ ප්‍රදේශයේ නිවෙසකට හොර රහසේ අතුල් වී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුතු රණ්ආභරණ සොරාගත් බව කියන පින්තාරු බසකු සිද්ධියෙන් පැය 24ක් ගතවන්නටත් පෙර අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
සැකකරු සොයගත් රන්ආභරණ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳ හලකට අලෙවිකර තිබූ බවත් ඊට අදාල රිසිට්පතක්ද සොයාගත් බව පොලිසිය කියයි.
කැළණිය කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් පරිදි රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල පෙරේරා ,උප පොලිස් පරීක්ෂක යු.ඩි අබේරත්න , පොලිස් කොස්තාපල්වරැන් වන 27096 උපනන්ද ,78997 පෙරේරා , 79574 සඳුන් . යන මහත්වරුන් මෙම වැටලීම සිදු කළහ.