රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 203ක් අත්අඩංගුවට


                                     
ලලිත් නවරත්න   

                                      
හලාවත පුත්තලම මාර්ගයේ ඊයේ(22) රාත්‍රියේ පොලිස්ථාන 3ක් එක්ව සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 203දෙනෙකු අත්අඩංගුවට ගත්බව මූන්දලම පොලීසිය පවසයි.                            

හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ පසුගිය කාලය තුළ අනතුරු බහුලව සිදුවූ මුන්දලම පොලිස් බල ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවල මෙම මෙහෙයුම සිදු කළ බව පොලිසිය පවසයි.                               

මෙහිදී අධික බීමතින් වාහන ධාවනය කළ පුද්ගලයින් 5දෙනෙකු ද, රියදුරු බලපත්‍ර නොමැති වීම,  ආසන ආරක්ෂක පටි නොපැළදවීම,  රක්ෂණ සහ වාහන බලපත්‍ර නොමැතිවීම,  විවිධ අඩුපාඩු සහිතව රථ ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කිරීම,  අධික වේගය  නොතකා ධාවනයේ යෙදීම  වැනි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 198 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.                  

මෙම ප්‍රදේශයේ සිදුවන රථවාහන අනතුරු දිනෙන් දින වැඩිවීම වළක්වා ගැනීමට ගන්නා ලද පියවරක් හැටියට මෙම මෙහෙයුම සිදුකර ඇත.                            

මූන්දලම, පුත්තලම, උඩප්පුව යන පොලිස්ථානවල පොලිස් නිලධාරීහු වැටලීමට එක්වූහ.