ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
හිටපු රාජ්‍ය ඇමැතිවරයකුට අයත් බස් රථ ගාල් කරන රථගාලක කාර්යාලයේ සේප්පුවක තිබූ රුපියල් 96,130ක මුදලක් සොරාගත් එම ආයතනයේම කොන්දොස්තරවරයකු අද (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල, ලියන්ගහවෙල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් රජයේ රාජ්‍ය ඇමැතිවරයකුට අයත් කහතුඩුව පිහිටා ඇති දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ ගාල් කරන රථ ගාලක කාර්යාලයේ සුළු මුදල් බහා තිබූ ජංගම සේප්පුවකින් සැකකරු මෙම මුදල සොරාගෙන තිබිණි.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරාගත් මුදල බස්රථයක අසුනක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.