රතු තරුව සහන සේවා බලකායෙන් ඇල්ල පොලිසියට -දෙමෝදර රෝහලට මුඛ ආවරණ


(එෆ්.අස්ලම්)

ඇල්ල පොලිස් ස්ථානයේ  නිලධාරීන්ට සහ දෙමෝදර රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය මුඛ ආවරණ තොගයක් ශ්‍රී ලංකා රතු තරුව - සහනසේවා බලකාය  අද(27) පරිත්‍යාග කළේය.

රටතුළ පවතින අනාරක්ෂිත සෞඛ්‍ය තත්වය සහ ප්‍රදේශයේ  පවතින මුඛ ආවරණ හිගය සැලකිල්ලට ගනිමින්  ශ්‍රී ලංකා රතු තරුව - සහනසේවා බලකාය ඇල්ල සහෝදරත්වය විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.

ඇල්ල පොලිස් නිලධාරීන් හට අත්‍යවශ්‍යව   තිබු මුව ආවරණ ඇල්ල පොලිස් ස්ථානාධිපති අලගියවන්න මහතා වෙත පිරිනැමුණු අතර දෙමෝදර රෝහල සදහා පරිත්‍යාග කළ මුඛ ආවරණ දෙමෝදර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරීවරයා බාරගත්තේය.