(රංජන් කස්තුරි)
රත්මලාන අන්ධ විද්‍යාලයේ හෙට (31) සිට අලුතින් පෙරපාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව එම පෙරපාසලට වයස අවුරුදු 2 සිට 6 දක්වා දරුවන් ඇතුළත් කරගන්නා බව එම පාසලේ කළමණාකාර නිරෝෂ් ද සිල්වා මහතා පැවසීය.
මෙතෙක් රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කර ගත්තේ වයස අවුරුද 6 ඉක්මවූ දරුවන් වන අතර ඔවුන් එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා බවද ඔහු කීය.
නව පෙරපාසලට අන්ධ සහ බිහිරි සිසුන් ඇතුළුත් කර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.්
රත්මලාන අන්ධ විද්‍යාලය සහ රත්මලාන බිහිරි විද්‍යාලය වශයෙන් පාසල් දෙකක් ක්‍රියාත්මක වන අතර අන්ධ විද්‍යාලයේ සිසුන් 120 ක් ද බිහිරි විද්‍යාලයේ සිසුන් 170 ක්ද ඉගෙනුම ලබති.

