(එච්.චන්දන)
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයෙන් සහ පාලවිය ප්‍රදේශයෙන් ඊයේ (07) කොරෝනා වයිරසය ආසාදනය වූ දෙදෙනෙකු සොයා ගැනීමත් සමඟ අද (08) එම ප්‍රදේශ වල නිවාස 20 පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව පුතත්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් සහ කොරෝනා මැඩලීමේ පොලිස් විශේෂ කාර්යාංශයද මේ සඳහා සහභාගි වූහ.
ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති දෙදෙනා පසුගිය දිනක ආගමික ප්‍රචාරක කටයුත්තක් සඳහා විදේශිය රටක සංචාරයකට ගොස් මෙරට පැමිණි අය බවට සෞඛ්‍ය අංශ හදුනා ගෙන ඇත..
ඒ අනුව මෙම ආසාදිතයින් සමීපයෙන් ඇසුරු කළ පුද්ගලයින් පදිංචිව සිටින ස්ථාන මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.