රත්නපුර ගුරුළුවාන විහාරාස්ථානයක හිමිවරුන් 7 ක් සහ නිවෙස් 6 ක් නිරෝධායනයට


( ලසන්ත නිරෝෂණ පෙරේරා )   

රත්නපුර ගුරුළුවාන ප්‍රදේශයේ ව්හාරස්ථානයක කැටයම් කැපීමට පැම්ණි නාවික සෙබළෙකුට ආසාදිත වු බවට තහවුරු විමෙන් පසු එම ව්හාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා හත් නමක් සහ  එම ප්‍රදේශයේ නිවාස හයක් නිරෝධායනයට ලක් කිරිමට රත්නපුර  මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළහ.     

අද (29 ) වනදා එම ව්හාරස්ථාන භුමිය ව්ෂබිජහරණය කිරිම ද සිදු විය.                           

මෙම නාවික සෙබලාට  කොව්ඩ් 19 ආසාදිත බව පෙරේදා 28 වනදා  රත්නපුර ශික්ෂණ රෝහලේ සිදු කළ පී.සී.ආර්  පරික්ෂණයෙන් තහවුරු විය.                       


නිවාඩු ලැබ නිවසට පැමිණ සිටි නාව්ක සෙබලා ව්හාරස්ථානයේ කැටයම් කැපීමට පැම්ණ සිටි බව රත්නපුර  සෞඛ්‍ය වෙද්‍ය  සේවා කාර්‍ය්යාලයේ නිලධාරියෙකු කිවේය .                                                         

 ඔහු පිටස්තර ප්‍රදේශයකින් පැමිණ ව්හාරස්ථානයේ දෙදිනක් නතර වි සිට තිබේ .

ඔහු සමග ව්හාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා කිට්ටු  ඇසුරක් පවත්වා නැති නමුත් භික්ෂූන් වහන්සේලා ද නිරෝධායනයට ලක් කිරිමට   සෞඛ්‍ය  බලධාරින් තීරණය කළහ.

නාවික සෙබලා කැටයම් කැපීමේ යෙදී සිටියදි  විහාරස්ථානයට පැමිණි කිහිප දෙනෙකුගේ පවුල් හයක් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගත්හ.               
කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු වු නාව්ක සෙබලා අයි ඩි එච් රෝහලට පෙරේදා (28) යවනු ලැබු බව සබරගමු පළාත්   සෞඛ්‍ය සේවා කාර්‍යලයේ ප්‍රකාශකයෙකු පැවසිය .