රත්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ රාජකාරි කටයුතු ජාලගත කෙරේ


(මහේෂ් කිර්තිරත්න)

පවත්නා හදිසි තත්ත්වය හේතුකරගෙන රත්තොට කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරී වසම් ජාලගතව සම්බන්ධ කෙරේ.

ඒ අනුව රත්තොට කොට්ඨාසය කලාප 09 කට වෙන්කරමින් රත්තොට ග්‍රාම නිලධාරී වසම් 54 සඳහා සම්බන්ධීකරණ නිලධාරීන් 09 දෙනෙකු පත් කිරීම සිදුකරයි.

ඔවුන් මගින් සියලු ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රීත තොරතුරු ලබා ගැනීම,කාර්යාල කටයුතු සම්බන්ධ සම්බන්ධීකරණය,තීරණ දැනුම් දීම,අත්‍යවශ්‍ය සේවා බෙදාහැරීම ආදී කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය.

මේ සඳහා රත්තොට ග්‍රාම නිලධාරී වසම්හී ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ජාලගත කිරීම සඳහා මීට වසර දෙකකට අප රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කළ Whatsapp/facebook රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නමැති සමූහ (Chat Group ) භාවිත කෙරේ.

රත්තොට  ප්‍රාදේශීය  ලේකම් දිනිපිය හේරත් මහතාගේ  සංකල්පයකට අනුව මෙය සිදුකෙරේ.