රත්තොට පවුල් 19 ක පුද්ගලයින් නිරෝධායනයට


(මහේෂ් කිර්තිරත්න)

රත්තොට කොට්ඨාසයේ පවුල් 19 කට අයත් පුදගලයන් මේ වනවිට නිරෝධානයට ලක්කර ඇති බව  රත්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.එන්.කුමාරි මෙනවිය පැවසුවාය.

ඇය මෙම කරුණු අනාවරණය කළේ අද (28) දා පස්වරුවේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආයතන ප්‍රධානින්ගේ කොරෝනා මර්ධන කමිටුවට එක්වෙමිනි.

වැඩිදුරටත් කරුණු අනාවරණය වුයේ නිවාඩු පිණිස රත්තොට ප්‍රදේශයට පැමිණි පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් මෙලෙස නිරෝධානයට ලක්කර ඇති බවය.එහෙත් එම පවුල්වල පුද්ගලයන් පොදු ප්‍රවාහන සේවා,බැංකු,වෙළඳසැල් සහ වෙනත් ආයතන වෙත ගමන් කර තිබේ.මේ හේතුවෙන් කොරෝනා රෝගින් ලෙස නිශ්චිතව වෛද්‍ය පරික්ෂණ මගින් හඳුනා ගත් පුද්ගලයන් නොමැති වුව ද රෝගින් නොසිටීය යන පූර්ව නිගමනයට එළඹිය නොහැක.එබැවින් පවතින තත්ත්වය මත රත්තොට කොට්ඨාසයේ ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව ඇය අවධාරණය කළාය.
 
මේ අතර හදිසි තත්ත්වයක් මත රෝගින් නිරෝධානයට සඳහා මේ වනවිටත් රත්තොට රෝහලේ වාට්ටුවක් වෙන් කර සූදානම් කොට ඇති බව රත්තොට ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී ජී.එන්.ජී.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම කමිටු රැස්විම සදහා රත්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන්.රත්තොට ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත්  රත්තොට පොලිස් ස්ථානාධිපති හර්බට් ද සිල්වා යන මහත්වරුන් අඇතුලු පිරිසක් එක්වි සිටියහ.