රත්තරන් ආලේපිත ඊයම් බෝල සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ


(අනීෂා මානගේ)

නිධානයකින් ලබාගත් රත්තරන් බව හඟවමින් රත්තරන් ආලේපිත ඊයම් බෝල කිලෝග්‍රෑම් 11 ක් අලෙවි කිරීමට සූදානම් වූ දෙදෙනකු අද (17) සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වලස්මුල්ල සහ ජූලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් සතුව තිබූ බව කියන රත්තරන් ආලේපිත කුඩා ඊයම් බෝල කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 50 ක් පොලිස් බාරයට ගෙන තිබේ.

නිධානයකින් ගත් රත්තරන් බෝල ලෙස හඟවමින් විවිධ පුද්ගලයන්ට මෙම ඊයම් බෝල අලෙවි කිරීමට සූදානම් වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.