එම්. සුසිල් ප්‍රියන්ත
රත්ගම ප්‍රාදේශීය සභාවේ අයවැය ඒකඡන්දයෙන් සභා සම්මත විය.
සභාපති ටී. නිමල් මහතා අයවැය යෝජනාව ගෙන ආ අතර එය උප සභාපති සුසාන් වැල්ලගේ මහතා ස්ථිර කළේය.
අයවැය යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව කතා කළ අතර පාලක පක්ෂය වන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂව කතා කළහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු අයවැය යෝජනාවලියට අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ.
අයවැයට විරුද්ධව කතා කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අයවැය යෝජනාව පිළිබඳව කතා කරමින් සිටින අවස්ථාවේදීම එයට විරෝධය පා අතරමගදී සභා ගර්භයෙන් පිටවී ගියහ.
එබැවින් අයවැය සම්මත කර ගැනීමට ඡන්දයක් නොපැවැත්වූ අතර එය ඒකඡන්දයෙන් සභා සම්මත විය.