රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ අකුරට වැඩ කිරිම නවතී


රංජන් කස්තුරි              

                          
රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නතර කළ අතර හෙට (26) සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සිදුකරන බව රජරට වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ ලේකම් වෛද්‍ය අසන්ත ජයවර්ධ මහතා පැවසීය.


ඒ අනුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ විභාග හෙට සිට ආරම්භ කෙරෙන බවද ඔහු කීය.


රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඉකුත්දා (23) අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවැත්වු සාකච්ඡා සාර්ථක වු හෙයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැරිය බවද වෛද්‍ය ජයවර්ධන මහතා පැවසීය.


රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ නොවැම්බර් මස වැටුප නතර කර තිබු අතර එය හෙට (26) ලබාදීමටත් සැප්තැම්බර් මාසයේ සිට රඳවා ගැනීමේ දීමනාව ලබා දීමටත් ඇමැතිවරයා පොරොන්දු වූ බවද හෙතෙම සඳහන් කළේය.