යුද හමුදා ට්‍රක් රථයට යටවී අයෙක් මරුට


 

 

රොමේෂ් මධුෂංඛ

 

කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ දී යුද හමුදා ට්‍රක් රථයකට යටවී පුද්ගලයකු මිය ගිය බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය පොලීසිය පැවසූවේ කිලිනොච්චිය සිට ඉරණමඩු දෙසට ගමන් කළ ට්‍රක් රථයක අදාළ දිසාවටම ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගියේ 51 හැවිරිදි කේ.කුගගේස්වරන් නමැති පස්දරු පියෙකි.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ යතුරුපැදිය ට්‍රක් රථයේ ගැටීම හේතුවෙන් යතුරුපැදිකරු ට්‍රක් රථය යටට විසිවී රෝදයකට යටවීමෙන් මිය ගොස් ඇත.