යාපනයේ පවුල් 8,374ක් පීඩාවට


(ප‍්‍රදීප් කුමාර)

වැසි සහිත කාලගුණික තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 8,374 කට අයත් පුද්ගලයින් 28,457 දෙනකු පීඩාවට පත්ව ඇති බව යාපනය දිස්ති‍්‍රක් ලේකම් ගනපතිපිල්ලේ මහේසන් මහතා පැවසීය.
 
යාපනය දිස්ති‍්‍රක්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා අදාල නිළධාරීන් සමග යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව දිස්තී‍්‍රක් ලේකම්වරයා මේ බව පැවසීය.
 
යාපනය දිස්ති‍්‍රක්කයේ අවතැන් කඳවුරු 31ක් පිහිටුවා ඇති අතර පවුල් 1025 ට අයත් පුද්ගලයින් 3058 ක් ඒවායේ ආරක්ෂිතව රදවා තිබේ. නිවාස 39 ක් පුර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 1913 ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව දිස්ති‍්‍රක් ලේකම්වරයා පැවසීය.