යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්


රොමේෂ් මධුෂංඛ

 

යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි කිහිපයකින් පැමිණි කණ්ඩායමක් විසින් අදාළ නිවස වෙත පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ නිවසේ නවතා තිබු වෑන් රථයක් වෙතටය.

එහිදී වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර නිවැසියන් වෑන් රථයේ ගින්න නිවීමට උත්සහ කර නැත්තේ පැමිණි පිරිස් විසින් වෑන් රථය ගිනි ගන්නා තුරු නිවසේ තිබූ යතුරුපැදිවලට හා බඩුබාහිරාදියට හානි සිදු කිරීම හේතුවෙනි.

එහිදී යතුරුපැදි තුනකට හා නිවසේ දොර ජනෙල්ද කැඩී ගොස් ඇති අතර නිවසේ සිටි කිසිවෙකුටත් හානි සිදු කර නොමැති බවටද යාපනය පොලීසිය කියයි.