රොමේෂ් මධුෂංඛ
යාපනය නල්ලූර්හි වයිමන් පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (29) අලුයම නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.
වයිමන් පාරේ පදිංචි පංචලිංගම් තුසීලන් නැමත්තාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරයන්ගෙන් නිවස ඉදිරිපිට පිහිටි ත්‍රී රෝද රථ දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරය ආවා කල්ලියේ ප්‍රහාරයක් බව අසල්වාසීන් කියා සිටියද යාපනය පොලීසිය කියා සිටියේ මෙම ප්‍රහාරය මුදල් ආරවුලක් මත සිදු වූවක් බවට සැක කරන බවයි.
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වූ අයට ත්‍රී රෝද රථ අලුත් වැඩියා අංගනයක් ඇති බවත් එහි පිරිස සමඟ පසුගිය දිනක අවස්ථා කිහිපයකදීම තවත් පාර්ශවයක් විසින් ආරවුලක් ඇතිකරගෙන තිබෙන බවත් එහිදී පහර දීම්ද සිදුව ඇති බවත් මෙම ප්‍රහාරයට හේතුවන්නට ඇත්තේ එය බවත් යාපනය පොලීසිය විසින් අනාවරණය කර තිබේ.