
( රොමේෂ් මධුෂංඛ)
යාපනය කල්ලුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 87 කට අයත් පුද්ගලයින් 310 ක් පීඩාවට පත්ව ඇති බවට ප්‍රදේශය භාර ආපදාකළමනාකරණ නිලධාරීහූ කියති.
කාල සෘතුමය වෙනස්වීමත් සමග කල්ලුණ්ඩායි කලපු සහිත් මුහුදු තීරයේ ජලය වැඩිවීම වාර්ෂිකව සිදුවීම සිදුවුනද මෙවර ගොඩ ගැලීම වැඩිවී ඇති බවට ගම්වාසීහූ පවසති.
එමෙන්ම මුහුදු ජලය ගොඩ ගැලීම වැලක්වීමට යොදා ඇති වෙලීද හානිවීම හේතුවෙන් මෙම තත්වය බලපා ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතරම තමන්ගේ දෛනික කටයුතුවලට දැඩි ලෙසින් මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් බලපා ඇති බවටද එම වැසියන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
අදාල ගැටලුව අධීක්ෂණය කිරීම සඳහා සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් , දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අදාල ප්‍රදේශයට ගොස් ඇති අතර පසුව දැනට පීඩාවට පත්ව සිටින වැසියන් වෙනුවෙන් අදාර ලබා දීමට සාකච්ඡා කොට තීරණය කරනු ලැබීය.

