යාපනයට හමා ගිය සුළඟින් නිවාස 25 කට හානි



 
 
සිතුම් චතුරංග
            
යාපනය ප‍්‍රදේශයේ හමා ගිය තද සුළඟකින් නිවාස 25කට හානි සිදුවීම හේතුවෙන් පවුල් 26කට අයත් පුද්ගලයන් 99 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි යාපනය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.


පසුගිය 14 වැනිදා සහ පෙරේදා (15) දිනයේ හමා ගිය තද සුළං හේතුවෙන් නිවාසවලට අලාභ හානි සිදුවී තිබේ.


සුළං හේතුවෙන් යාපනය කරෙයිනගර් හි නිවාස 17 ක් හානි සිදුවීම හේතුවෙන් එහි සිටි පවුල් 17ක් පීඩාවට පත්ව ඇති අතර , නල්ලූර් නිවාස එකක් , කෝපායි නිවාස හතරක් හා තෙලිප්පලෙයි නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස දෙකක් අර්ධ හානි සිදුව තිබේ.


ආපදා කළමනාකරණ ඒකකය පැවසූයේ නිවාස හානිවූවන් සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සහන සැලසීමට කටයුතු කරන බවයි.


ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසූයේ ඉදිරි දින කිහිපයේදී තද සුළං හමාගිය හොත් පීඩාවට පත්වන පිරිස ඉහළ යා හැකි බවයි.