යාපනය සංගිලි මාළිගයට විශේෂ අවධානය


(යාපනය ප්‍රදීප් කුමාර)

යාපනය සංගිලි මාළිගය හා ඒ අවට පුරා විද්‍යා සංරක්ෂිත ස්ථාන පෙම්වතුන් හා විවිධ පුද්ගලයින්ගේ විනෝද වීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති නිසා වහාම ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස යාපනය නල්ලුර් ප්‍රාදේශිය සභාව විසින් සියලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නල්ලුර් ප්‍රාදේශීය සභාව මේ වසරේ රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයකට අනුව අදාල අංශ වෙත ලිඛිතව දැනුම් දී ඇති ලිපියේ සඳහන් වන්නේ මේ මස අවසන් වනවිට එම සෑම ස්ථානයකට අවවාදාත්මක පුවරු සවිකරන ලෙසයි.

ඉන් පසු එම ස්ථාන වල අශෝභන අයුරින් හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රීයාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද එහිදී යෝජනා විය.

මේ අයුරින්ම යාපනයේ යමුනා ළිඳ ඇතුලු පුරාවිද්‍යා ස්ථානවල විවිධ පුද්ගලයින් නෙමනා ලෙස හැසිරෙන බවත් එය එම ප්‍රදේශ වලට පැමිණෙන සංචාරකයින්ට පවා බාධාවක් වන බැවින් මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතුව ඇතැයි ප්‍රාදේශිය සභාව විසින් තීරණය කර තිබේ.