
(රොමේෂ් මධුෂංඛ)
යාපනය නයිනතිව් දූපත අවට ප්‍රදේශයේ මුහුදු ජලමට්ටම සීග්‍රෙයන් ඉහළ යාමත් සමග ප්‍රධාන මාර්ගයන මුහුදු ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවට නයිනතිව් ප්‍රදේශවාසීහු පවසා සිටිති.
පවතින වැසි සහිත කාලගුණයත් සමග මුහුදු ජලමට්ටම ඉහළ යාමෙන් නයිනතිව් දූපතට පිවිසෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති අතර ගමනාග ගමන කටයුතු රැසක් අඩාල වී ඇත.
පසුගියදා යාපනය කල්ලුණ්ඩායි ගම්මානයටද මුහුදු ජලය ගැලීම හේතුවෙන් ගම්මානයේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල වූ අතර ගම්මනයට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක්ද පැවතුණි.
කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නයිනතිව් ආදි අවධානම් මාර්ගයන්හි ගමනාගමන කටයුතුවල යෙදීමෙන්ද වලකින ලෙසට ප්‍රදේශභාර ආපදාකලමානකරන කාර්යාල දැනුම් දී ඇත