යාපන සරසවියේ ගැටුමකින් සිසුවකුට තුවාල


 

(රොමේෂ් මධුෂංඛ)

               

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව එක් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධවට සැක කරන තවත් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

යාපනය පරමේස්වරා මංසන්ධියේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයක් තුළදී සිසුන් පිරිසක් අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

එම ආරවුල නැවත්වීමට සිසුවෙකු ගත් උත්සහයකදී සිසුවෙකුට තියුණු ආයුධයකින් එල්ල කළ පහරක් අත්වැරදීමකින් වැදීමෙන් සිසුවා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පහර කෑමට ලක්වූ සිංහල සිසුවගේ තත්වය බරපතල නොවන අතර ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බව යාපනය පොලිසිය සඳහන් කරයි.