(චන්දන ප්‍රනාන්දු)
දංකොටුව බුජ්ජම්පොළ මාර්ගයේ කර්මාන්තපුරය අසල සිදු වු අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බුජ්ජම්පොල පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු සිය මිතුරන් පිරිසක් හමු වි නැවත නිවෙස බලා යන අතරතුර රාත%s 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි.