පුෂ්පකුමාර මල්ලවආරච්චි
වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයකු බරපතල තුවාල ලබා මිය ගිය බව නිට්ටඹුව රථවාහන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පස්යාල වෙදගම පදිංචිව සිටි ගම්ලත් ආරච්චිගේ සමිත් විරංග අමරතුංග නැමැත්තෙකි.
නිට්ටඹුව නගරයේ සිට වේයන්ගොඩ දක්වා ගමන් කරමින් තිබියදී රාති‍්‍ර 7.15 ට පමණ හදිසියේ මගීයකු නග්ගා ගැනීම සඳහා පාර මැද නැවතු අවස්ථාවේ දී පිටුපසින් ගිය යතුරු පැදිකරු බසයේ ගැටී විසිවෙද්දී වේයන්ගොඩ දෙසින් ආ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.