(නිශාන්ත කුමාර)
පුද්ගලයකු යකඩ පොල්ලකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු අද (28) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල 18 කණුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20, 32, 13, සහ 15 යන වයස්වල පසුවන එකම පවුලේ සිව්දෙනෙකි.
පහරදීමට සම්බන්ධ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

