මෝටර් රථය ඉන්ධන බවුසරයේ ගැටී කතක් මරුට


(ප‍්‍රදීප් කුමාර) 

යාපනය තෙන්මරච්චි නුනාවිල් ප‍්‍රදේශයේදී අද(09) සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
මෝටර් රථයක් නවතා තිබු ඉන්ධන බවුසරයක ගැටී සිදුවු අනතුරකින් මෙම කාන්තාව මියගොස්, තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇත.
 
බවුසරය නුනාවිල් ප‍්‍රදේශයේ ටයර් අලුත්වැඩියා කටයුත්තක් සදහා නවතා  තිබියදී, යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථය එහි ගැටී මෙම අනතුර සිදුව තිබේ.
 
අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.