(එස්. ඩි. කොඩිකාර )
පාදයෙන් ක්‍රියා කළ හැකි කරාමයක් සහිත අත් සේදීමේ බේසම් සහ මුඛ ආවරණ තොගයක් මොරවක ,ඇතා මල ඇල්ල නිල්වලා විදුලි පුද්ගලික සමාගම සහ විදුල්ලංකා සමාගම විසින් අද (26) මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පරිත්‍යාග කිරීම කෙරුණි .
රට තුළ පවතින කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනාට දෑත් සේදීමට කිරීම සඳහා එය මහත් පිටුවහලක් වන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හර්ෂ දුනුවිල මහතා පැවසීය .
විදුල් ලංකා සමාගමේ සහකාර ඉංජිනේරු එම්.ජී. රුවන් ප්‍රසංග මහතා මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ල් හර්ෂ ලුණුවිල මහතාට එම භාණ්ඩ පරිත්‍යාග කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.