මොණරකැලේ කඳු රක්ෂිතයේ ගින්නක්


ප්‍රසන්න පත්මසිරි

මොණරාගල මරගල මොණරකැලේ කදු රක්ෂිතයේ අද (02) දින සවස 8.00ට පමණ ඇතිවු ගින්නක් පැතිරී යන බව ප්‍රදේශවාසීහු කියති.

ප්‍රදේශයට පවතින සුළග සමග ගින්න සීඝ්‍ර ලෙස පැතිරි යන බවත් මේවන විට අක්කර දහයක් පමණ ගින්නෙන් දැවී ගොස් ඇති බවත් ජනතාව පවසති.

පැතිරි යන ගින්න නිවා දැමීමට මේ වන විටත් කිසිවෙකු ඉදිරිපත් නොවු බව ද ප්‍රදේශවාසීහු පවසති.