(එස් .ඩී .කොඩිකාර )
මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද (12) කිරිවැල්දොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව දෙනියාය පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි කිරිවැල්දොළ ,දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය කියයි .
පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ දර මඩුවේ සඟවා තිබියදී පොලිසිය විසින් මෙම ගිනි අවිය සොයා ගෙන ඇත.සැකකරු අදාළ ගිනි අවිය යොදාගෙන වන සතුන් දඩයම් කරන බවට තොරතුරු ලැබී ඇති අතර අදාළ ගිනි අවිය විදේශ රටක නිෂ්පාදනය කර ඇති ආකාරයට නිෂ්පාදනය කර ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.