(පාලිත ආරියවංශ)
බදුල්ල වේවැල්හින්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ පතුරම් තුවක්කුවක් සහ බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 5 ක් සමඟ පුද්ගලයෙකු අද (4) අත්අඩංගුවට ගත්බව බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි අයෙක් බව එම ඒකකය පැවසීය.


