(ප්‍රදීප් කුමාර)
යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ මුහුදු ජලය ගොඩට පැමිණීම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත් වන පවුල් 85 ක පමණ ජනතාව පීඩාවට පත්ව තිබේ.
ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ජේ 161 ග්‍රාම නිලධාරී වසමේ එලිලුර් හා මහේන්ද්‍රපුරම් යන ගම්මාන දෙකෙහි පවුල් 50 ක් පමණ නිවෙස් වලට මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී. එම පවුල් අතරින් පවුල් 3ක සාමාජිකයෝ මේ වන විට සිය නිවෙස් අතහැර සිය ඥාතී නිවෙස් වෙත ගොස් සිටිති.
මෙයට අමතරව ජේ 68 ග්‍රාම නිලධාරී වසමේ නිවාස සංකීරණයට නැගෙන හිර ප්‍රදේශයෙද ජනතාව මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් නිවාස 35 ක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
මෙම ප්‍රදේශ ආපදා කළමනාකරණ නිලධාරීන් හා අදාල රාජ්‍ය නිලධාරීන් නීරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ජනතාවට අවශ්‍ය සහන සැලසීම පිළිබදව සොයා බලා තිබේ. ඒ අනුව ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සැලසුම් කර තිබේ.