රොමේෂ් මධුෂංඛ
යාපනය දිස්ත්‍රික්කයට හැමූ සුළි සුළං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතරම මුහුදු රලුවීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා ඩෙල්ෆ් දූපතට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යාමට සිදුව ඇත.
ඊයේ (15) සවස ඇති වූ සුළි සුළං තත්වයක් හේතුවෙන් යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි නිවාස 17 කට පමණ දැඩි හානි සිදුව ඇති බව යාපනය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
සුළං හේතුවෙන් මුහුදු රලු වීම හේතුවෙන් යාපනයේ ධීවරයින් ඊයේ දිනය පුරා මුහුදු ගමන් වලින් වැළකී සිටි අතර දූපත් අතර සිදු වූ මුහුදු ගමන් ද සම්පූර්ණයෙන්ම නැවත්වීමට සිදු වී තිබිණි.
දූපත් අතර සිදුවූ මුහුදු ගමන් වැළකීම හේතුවෙන් මෙවර උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක් ඩෙල්ෆ් දූපතේ පිහිටා තිබූ බැවින් එහි සිසුන්ට ඊයේ ලබාදීමට තිබූ ප්‍රශ්න පත්‍ර ලබාදීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් යාපනය පළාත් අධ්‍යාපන බලධාරීන් ඒ බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය හරහා ගුවන් හමුදාවට අදාළ ගැටලුව දැනුම් දී ඇත.
පසුව ගුවන් හමුදාව විසින් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවකින් උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ඩෙල්ෆ් දූපතට රැගෙන ගොස් අධ්‍යාපන නිලධාරීන් වෙතට බාරදීමට පියවර ගෙන ඇති අතර සිසුන් ගැටලුවක් නොමැතිව විභාගයට පෙනී සිටි ඇත.
මේ අතර යාපනය කරෙයිනගර් හි සුළි සුළං හේතුවෙන් නිවාසවලට හානි වූ පවුල් වෙත තාවකාලික ටෙන්ට් ලබාදීමටත් අවශ්‍ය පහසුකම් සැපයීමටත් යාපනය ආපදා කළමනාකරණ ඒකකය විසින් පියවර ගනු ලැබීය.