(චමිල් රූපසිංහ)
ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් රවටා ඇසුරු කළැයි කියන පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයකු පේරාදෙණිය පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වෛද්‍යවරයා විසින් ෆේස්බුක් ගිණුම් හරහා ඇමැතුම් ලබාදී ත්‍රිකුණාමලය, ඉරට්ටුවෙයිකුලම්, තංගල්ල ප්‍රදේශයේ හා තවත් නොයෙක් ප්‍රදේශවල කාන්තාවන් හා ආදර සබඳකම් පවත්වා තිබේ.
එක් එක් තරුණියන් සමඟ වසර 9,4,2 වැනි කාලයක් තුළදී සම්බන්ධකම් පවත්වා ඇති අතර ආදරය කරන කාලය තුළදී මුදල් හුවමාරු කිරිම් හා තෑගි හුවමාරු කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙලෙස මෙම වෛද්‍යවරයා විසින් එක් තරුණියකට පේරාදෙණිය උද්භිත උද්‍යානයට එන ලෙස පණිවුඩයක් යවා ඇති අතර එම තරුණිය උද්‍යානයට පැමිණි අතර අනිත් තරුණියන් ද මෙලෙස උද්‍යානයට පැමිණි තිබේ.
මෙම වෛද්‍යවරයාගෙන් එක් තරුණියක් උදේ ආහාරය ගත්තා ද විමසු විට තවම කෑම නොගත් බවත් පවසා ඒ අවස්ථාවේදී අනික් තරුණිය සමඟ ආහාර ගනිමින් සිටින බවද වෛද්‍යවරයා සමඟ සිටි තරුණිය පොලිසියට පවසා ඇත.
මෙම වෙද්‍යවරයා පේරාදෙණිය උද්භිද උද්‍යානයට එක් තරුණියක් සමඟ අද (19) දින පැමිණ ඇති අතර අනික් තරුණියන් දෙදෙනා ද එම ස්ථානයට පැමිණ තිබේ.
එවිට උරණ වු මෙම තරුණියන්ව රැවටු වෙද්‍යවරයා පේරාදෙණිය පොලිසියට බාර දී ඇති අතර පේරාදෙණිය පොලිසිය මගින් ඉදිරි විමර්ශන සිදුකරයි.