( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු තිම්පුලි රක්ෂිතයේදී මුවෙකු දඩයම් කර මස් පිණිස රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
මෙම මුවා දඩයම් කර රහසිගතව රැගෙන යමින් සිටියදී ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණූ තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් රැකවලා යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ සැකකරු සන්තකයේ මිය ගිය මුවාගේ සිරුරද හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පොලීසිය පැවසීය.