මුන්නේෂ්වරම් ගිනි පෑගීම බලන්න විදේශිකයොත් ඇවිත්


(ජුඩ් සමන්ත)
 
හලාවත - මුන්නේෂ්වරම් ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය පෙරදින (21) රාත්‍රීයේදී පැවැත්වුණි. ගිනි පෑගීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා විදේශිකයෝ ද පැමිණ සිටියහ.
 
ගිනි පෑගීමට පෙර ගිනි මැලය සකස් කරන ආකාරය,බැතිමතුන් ගිනි පාගන අයුරු සහ දෙස් විදෙස් පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටි ආකාරය ඡායාරූප වලින් දැක්වේ.