(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුතුරාජවෙල අභයභූමිය අත්පත් කරගැනීමේ අරමුණින් වන ජීවී වාසස්ථානවලට හානි කරමින් වගුරු බිම් ගොඩ කිරීමේ නිරතව සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියා කරන බව මුතුරාජවෙල වන ජීවි අඩවි ආරකෂක කාර්යාලය පවසයි.
මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ පිහිටි වගුරු බිම් කැළිකසල යොදා ගොඩ කරමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන මීගමුව හා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කර ඇතැයිද වනජීවී නිලධාරීහු පවසති.
මුතුරාජවෙල අභය භූමියේ ජීවත්වන වන සතුන්ගේ වාසස්ථාන අවහිර වන අන්දමින් කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද ඔවුහු පවසති.