නිශාන්ත කුමාර
මීගහකිවුල මොරහෙළපොළ හන්දිය අසලදී අද (28) බදුල්ල මහියංගන මාර්ගය ඔස්සේ පැමිණි ත්‍රි විල් රථයක් හා බදුල්ල කැටවත්ත අතුරුමාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථයක් එකිනෙක හැපී මීටර් 10 ක් පමණ ඇදී ගොස් මාර්ගය අසල වූ සිමෙන්ති බැම්මක හැපීමෙන් ත්‍රී වීල් රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
අනතුරට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල විශාඛා හංදිය පදිංචි නන්දනී පෙරේරා නැමැති (49) කාන්තාවකි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රී වීල් රථයේ සිටි කුඩා දැරියක් ද සුළු සීරීම් තුවාල ලබා ඇති අතර ත්‍රී වීල් රථයට හා මෝටර් රථයටද දැඩි හානි සිදුවී තිබේ.
අතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ මොටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය ප්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමඟම දකුණූ පසින් ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණි ත්‍රීවීල් රථයේ පැමිණි වාහන දෙකම මීටර් දහයක් පමණ ඉදිරියට ඇදී ගොස් ඒ අසල වූ වේල්ලේ හැපී නතර වූ බව සිද්ධීය සියැසින් දුටුවෙක් පැවසීය.