(නිශාන්ත කුමාර)
මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය ලේඛනය අද (26) වැඩි ඡන්දයෙන් සම්මත විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය යටතේ පවතින මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි සභාපති ලලිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර අයවැය ලේඛනයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 11 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය සභා භූමිය වෙත රැස් ව සිටි පොදුජන එක්සත් පෙරමුණ ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.