(ටෝනි කරුණානායක)
මීගමුව බන්ධනාගාරයේ රැඳවියකු රෝගාතුර වී මිගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය යාම ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත මිරිඇල්ල මහතා විසින් සිදුකරනු ලැබීය.
පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ලබන 10 වැනි දා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කෙරිණ.
දිවුලපිටිය පැලැපිටමුල්ලේ පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති අතර ඉකුත් 03 වැනි දා සැකකරු සොරකමක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබීය.