මිරීගම ප්‍රා.ස හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසට ප්‍රහාරයක්


( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
 
 
මීරිගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී අජිත් තිලකරත්න මහතාගේ නිවසට අද( 29) කිසියම් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පිපුරුමක් සිදුවී   ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි 
 
මන්ත්‍රීවරයාගේ නිවසේ ඉදිරිපස කොටසේ මෙම පිපුරුම සිදු වී ඇත .කිසියම් පිපුරුම් ද්‍රව්‍ය අඩංගු බෝතලයකින් පහර දීමෙන් මෙම පිපිරීම වී ඇතැයි පොලිසිය සැක කරයි .
 
බල්බයක් පුපුරා යන හඬක් තමන්ට ඇසුණු බවත් උදේ අවදි වී බලද්දී බෝතලයක් කැඩී බිඳී කිසියම් ද්‍රව්‍යයක් අවට විසිරී තිබෙනු දැක සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
 
අපරාධ ස්ථාන පරීක්ෂක පොලිස් නිලධාරීන් ද පැමිණ සිද්ධිය වූ ස්ථානය දැඩි නිරීක්ෂණයට ලක් කර පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කොටස් ලබා ගනු ලැබීය.
 
මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයා හෝ කිසිවකුටවත් නිවසටත් බරපතළ හානි වී නැතැයි ද පොලිසිය සඳහන් කරයි